අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු හෙට සිට යළි අය කෙරේ

කොළඹ නගරයේ අත්හිටුවා තිබූ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම නැවත ආරම්භ කරන බව කොළඹ මහා නගර සභාව පවසනවා.

ඒ අනුව හෙට (23) වැනිදා පෙ.ව. 6.00 සිට නැවත සුපුරුදු පරිදි එම රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු අය කිරීමට නියමිතයි.

ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලිම් හේතුවෙන් නැවතුම් ස්ථානවලට සිදු වූ බලපෑම හා ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් ලෙස ද රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය (18) වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබුණා.

දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය අනුව වාහන පෝලිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් නැවත ගාස්තු අයකිරීම ආරම්භ කළ බවයි කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පවසන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *