“අනුර කුමාර ඉල්ලා අස්වෙන ඕනෑම වේලාවක නාමල් සූදානම් මේ රට භාරගන්න..”

ඉංග්‍රීසි භාෂාවට අදාල 6 වන ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවට වැරදුන පසු ආණ්ඩුව එය නිලධාරීන් පිට පටවා බේරීමට උත්සාහ දරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

වරද්ද ගන්නේ නැති වැඩ ආණ්ඩුවේ පැත්තට ලබාගෙන එහි වාසිය ලබාගන්නා බවත් වරදින සෑම වැඩක්ම නිලධාරීන් පිට පටවා ආණ්ඩුව ඇඟ බේරා ගැනීමට කටයුතු කරන බවද ජානත වක්කුඹුර ප්‍රකාශ කරනවා.

පසුගිය අවුරුද්දක කාලය තුළ ආණ්ඩුව වරද්දා ගත් සෑම ස සිදුවීමකදීම එහි වගකීම නිලධාරීන් පිට පටවා ඇමතිවරුන් ඇඟ බේරා ගත් බව ඕනෑම කෙනෙකුට වැටහෙන බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා .

එහිදි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.

“ මේ ආණ්ඩුව අවුරුදු තෑග්ගක් රටේ ජනතාවට ආරම්භයේදීම දුන්නා ගෑස් මිල වැඩිකරලා. අවුරුද්ද ආරම්භ කළේම ජනතාවට බරක් ලබාදීලා. හැබැයි ඔවුන් පැමිණියේ නම් මේ සියලු දේවල් අඩු කරනවා කියලා. ඉදිරියේදී අනෙක් සියල්ලම මේ පිරිස විසින් වැඩිකරන දේ තමයි සිදුකරන්නේ.
මේ ආණ්ඩුව පැමිණි මොහොතේ සිටම මේ පිරිස අධ්‍යාපනය ගැන කතා කළා. 6% ක් අධ්‍යාපනයට වෙන්කරනවා කියලා ප්‍රකාශ කළා. ඒ වගේම අගමැතිතුමිය, ආණ්ඩුව එකතුවී ප්‍රකාශ කර සිටියා මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. අන්තිමට එළිදැක්වූ දෙයින් තේරුම් ගියා මේ රටේ ජනතාවට අධ්‍යාපනයට මොකක්ද කළේ කියලා.

6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාලව මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය දුරදිග ගිය පසු ආණ්ඩුව හදනවා නිලධාරීන් පිට තබලා ඔවුන් බේරෙන්න. මෙයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ අධ්‍යාපන ඇමතිතුමිය. එතුමියට තමයි උවමනාව තිබුණේ මේ සියල්ලම කරන්න. දැන් අධ්‍යක්ෂ ජනරාල්තුමියට අගමැතිතුමිය ප්‍රකාශ කර තිබෙනවා තාවකාලිකව ඉල්ලා අස්වෙන්න කියලා.

මෙයට සම්බන්ධ පිරිසක් සිටිනවා, ඒ පිළිබඳව සොයා බලලා අවශ්‍ය කටයුතු සිදුකරන්න ඕන. මේ හැම දෙයක්ම වූ විට CID ට භාර දෙනවා. ශානිට භාරදුන් විට එය විසඳෙනවාද? අධ්‍යාපන ලේකම් කළ යුත්තේ කමිටුවක් පත්කර මෙය විභාග කරලා මේ ප්‍රශ්න විසඳීමයි.

දැන් එක එක වෙලාවට මොවුන් කල්මරණ වැඩකරන්නේ. ඒ නිසා මේ වගකීම අධ්‍යාපන ඇමතිතුමිය භාරගත යුතුයි. ඒ නිසා මෙය වෙනත් කාගේ හෝ පිටින් යවන්න එපා. මිට පෙර අපේ ආණ්ඩු කාලයේ පාසලේ දරුවෙකුගේ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් එළියට ගිය විට ඇමති ඉල්ලා අස්වෙන්න කියලා ප්‍රකාශ කළා. ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක් මොකටද කියලා ඇහුව්වා. නමුත් අද ප්‍රශ්න පත්‍රයක්ද මුද්‍රණය කළේ? කිසිදු හොයා බැලීමකින් තොරව පාසැල්වලට මේ පොත් බෙදුවානම් එහි වගකීම ගතයුත්තෙත් අධ්‍යාපන ඇමතිතුමියයි. අපි අගමැතිතුමියට කියා සිටිනවා දැන්වත් ඉල්ලා අස්වී, කරන්න පුළුවන් කෙනෙකුට මෙය භාරදෙන්න.

ආණ්ඩුව සෑම මොහොතකම හදන්නේ හොඳ දෙයක් වුණොත් එය ආණ්ඩුවේ පැත්තට හරවා ගැනීමයි. නමුත් වැරැද්දක් වූ විට එය නිලධාරීන්ගේ පිට පටවනවා. දැන් මෙහි අවසානයේදී සිදුවන්නේ කාගේ හෝ පිටපටවා ආණ්ඩුව ඇඟ බේරාගැනීමයි. අපි දැක්කා බාල බෙහෙත් ගෙනත් ප්‍රශ්නයක් ඇතිවූ විට ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තබා ප්‍රකාශ කරනවා එය ආණ්ඩුවත් ඇමතිවරයාගේත් වගකීම නොවේ කියලා.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ කාලයේ ආණ්ඩුවයි, ඇමතිවරයි සියල්ලම වගකියන්න අවශ්‍ය යැයි කියලා මේ වත්මන් ආණ්ඩුවේ පිරිසමයි කියා සිටියේ. මේ පිරිස දෙවිදියකට කතා කරන්නේ. දැන් ඒ ප්‍රශ්නෙත් යටගහන්න හදනවා. ආණ්ඩුව හදන්නේ ප්‍රශ්නයක් පැමිණියාම ප්‍රශ්නය යටගහන්න.

අපි මේවා යටගහන්න ඉඩතියන්නේ නැහැ. අපි විපක්ෂයක් හැටියට සහ පක්ෂයක් හැටියට අපේ කාර්යභාර්යය ඉෂ්ටකරනවා.
ආණ්ඩුව මාධ්‍යයත් මර්ධනය කරන්න හදන්නේ . මන්ද මේ පිරිසගේ වැරදි පෙන්නන නිසා. මේවා උලුප්පන්නේ නැතිනම් ආණ්ඩුව බොහොම ලස්සනට වැඩකරගෙන යනවා.

අපි ඊයේ දැක්කා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ගල්ගමුව ප්‍රදේශයේ රක්ෂිතයක පස් කපලා ඒ පස් ගෙනියන විට භූවිද්‍යා හා පතල් කැනීම් අංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා මෙය නීතිවිරෝධි කියලා. ඒ නිසා මේ පිරිසව අත් අඩංගුවට ගත යුතුයි කියලා. මොවුන්ට පස්කපන්න සහ පස් අරගෙන යන්න බලපත්‍ර නැහැ.

නමුත් සම්බන්ධීකරණ කමිටුවේ තීන්දුවක් ගත්තා කියලා එයට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. පොලිසියට නියෝගයක් පැමිණියා මෙය අතහරින්න කියලා. එවිට නීතිය ක්‍රියාත්මක වෙනවාද? නීතිය සෑම එකකටම වඩා උඩින් යන්න කිව්වෙත් මේ ජනතා විමුක්ති පෙරමුණේ අයමයි. නමුත් දැන් ඇමතිගේ උඩින්ද නීතිය තිබෙන්නේ. ඇමතිගේ දුරකථන ඇමතුමට නීතිය යටපත් වුණා. මමත් හිටපු පරිසර ඇමති. අපි කොයිම මොහොතකවත් පාරක් කපන්නවත්, කිසිදු දෙයක් කරන්න වැරදි නියෝග දීලත් නැහැ , දෙන්නෙත් නැහැ. හැබැයි දැන් මේ පිරිස එකතැනකට එක නීතියක්.

ආණ්ඩුව පැමිණියේ කාටත් නීතිය සමානයි කියලා. හැබැයි අද නීති දෙකක්. ඒ පිරිසට අවශ්‍ය පරිදි පොලිසිය උපයෝගි කරගන්නවා. දැන් පොලිස් නිලධාරීන්ට රාජකාරිය කරන්න දෙන්නේ නැහැ. දැන් මෙහිදි රජයේ නිලධාරීන්ට බාධාවක් නොවේද වුණේ? භූවිද්‍යා හා පතල් කැනීම් අංශයේ ඒ නිලධාරීයා නීතිය කරන්න ගියේ. නීතිය කරන්න දුන්නද? නිතියට බාධා කිරිමක් කළේ. අපේ කාලයේ වුණා නම් මේ දවසට අමාත්‍යාංශය වටලා, රට වටේම පරිසරවේදින් පැමිණලා පරිසරයට හානි කලා කියලා කියනවා. නියම පරිසරවේදින්ට ආරාධනා කරනවා මෙයට විරුද්ධව නිලධාරීයාගේ පැත්ත ගන්න ඉදිරියට එන්න කියලා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *