“අපිට ගැහුවොත් අපිත් පෙරලා ගහනවා.. ජාතික ඇඳුම ඇඳලා හිටියත්, සිවුරු ඇඳලා හිටියත් අපි ගහනවා..”

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ලාල් කාන්ත මහතා මෑත සම්මන්ත්‍රණයකදී දැඩි භාෂාවකින් ප්‍රකාශ කළේ, තමන්ට හෝ තම පක්ෂයට පහරක් (හෝ විවේචනයක්) එල්ල වුවහොත් ප්‍රතිපහර දෙන බවයි.

“අපිට ගැහුවොත් අපිත් පෙරලා ගහනවා. ජාතික ඇඳුම ඇඳලා හිටියත්, සිවුරු ඇඳලා හිටියත් අපි ගහනවා. ෆවුල් සොට් ගහනවා කියලා අපිට කියන්න එපා. ලෙනින්ට අනුව ඒක අපිට අදාළ නැහැ”

යනුවෙන් ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සංවේදී වීමට අවශ්‍ය නම් “ගලුයි සෝඩායි වගේ” විය යුතු බවත්, එය තම පන්තියේ (කම්කරු පන්තියේ) පානය බවත්ය. “ඇල් වතුර වගේ මේවා කරන්න බෑ. ගල් සෝඩ කියන්නේ අපේ පන්තියේ පානය” යනුවෙන්ද ඔහු අවධාරණය කළේය.

ආණ්ඩුව කළ යුතු දේ ලේසි නොවන බවත්, ඉස්සරට වඩා සනීපාරක්ෂාව හා පහසුකම් ගොඩක් තිබුණත් අභියෝග තිබෙන බවත් ඔහු පිළිගත්තේය. විපක්ෂයේ සිටි කාලයේ ද්‍රෝහීන් මැද සටන් කළ බවත්, ලෙනින්ගේ ඉගැන්වීම් අනුව එය ඉගෙන ගත් බවත් කීවේය.

“ආණ්ඩුව ගත්තත් අපිට නවතින්න බෑ. තවමත් අරගලේ. අපි අපේ පන්තියට බොරු කියන්නේ නැහැ කියලා ලෙනින් කිව්වා”

යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදියේදී සැකයක් තිබුණහොත් එය ඉවත් කර සටන ඉදිරියට ගෙන යා යුතු බවත්, ප්‍රතිගාමී බලවේග සමඟ සටනට එන විට “ෆවුල් ෂොට්” යනුවෙන් කියන්න එපා යනුවෙන්ද ඔහු අනතුරු අඟවීය.

එසේම, ආණ්ඩුව හා රජය යනු දෙකක් බවත්, තවමත් විප්ලවයක් නොව සමාජයක් ගොඩනැගීමක් බවත්, NPP තුළ න්‍යායාත්මක දේවල් ඇති බවත් ඔහු සඳහන් කළේය. “අපි පක්ෂ එකතු කළේ නැහැ, බලවේගය එකතු කළා,” යනුවෙන්ද කීවේය.

ඔහු මෙසේ පවසමින්, අමාත්‍යාංශවල උස් පුටුවල ඉඳගෙන නොසිටින බවත්, හැමෝම එකට ඉන්න ඕනෙ බවත්, සමහරුන්ට තවමත් ලැජ්ජාවක් දැනෙන බවත් සඳහන් කළේය. “කන්නෙ බොන්නෙ අදින්නෙ නැහැ කිව්වම මම ඒවා කරා රැවුල කපන්නේ නැහැ කිව්වාම මම අර ඇවිල්ලා කැපුවා… ඔය ගොංපට් අවසන් කරන්න ඕනේ” යනුවෙන්ද ඔහුගේ කතාවේදී සඳහන් විය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *