“අපි පළිගන්නවාමයි” – ISIS ප්‍රහාරයට ට්‍රම්ප් උත්තර දෙ

ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් සිරියාවේදී එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු බරපතල පළිගැනීමක් සිදු කරන බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා.

සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු භටයන් දෙදෙනෙකු සහ සිවිල් පරිවර්තකයෙකු ඇතුළුව පුද්ගලයන් තිදෙනෙකු මිය ගියා.

ජනාධිපති ට්‍රම්ප් මියගිය මෙම තිදෙනා ‘ශ්‍රේෂ්ඨ ඇමරිකානු දේශප්‍රේමීන්’ ලෙස හඳුන්වා තිබෙනවා.‍

තවත් භටයන් තිදෙනෙකුට මෙම සිදුවීමෙන් තුවාල සිදුව ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය යහපත් බව ජනාධිපති ට්‍රම්ප් තහවුරු කරනවා.

ට්‍රම්ප් සඳහන් කළේ මෙය අමෙරිකාවටත් සිරියාවටත් එරෙහි ISIS ප්‍රහාරයක් බවයි.

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ ISIS විසින් සම්පූර්ණයෙන් පාලනය නොකරන සිරියාවේ ඉතා භයානක ප්‍රදේශයක බවද ඔහු පැවසුවා.

සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂරා ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා කෝපයට පත්ව කනස්සල්ලට පත්ව සිටින බවයි ට්‍රම්ප් කියාසිටියේ.

ධවල මන්දිරයෙන් පිටතදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් අවධාරණය කළේ “අපි පළිගන්නවාමයි” යනුවෙන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *