ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ මිල ඉහළ නංවා ඇත්තේ, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්.
ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මෙසේ මිල ඉහළ නංවා තිබෙනවා.



