කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක්

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ.

කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙනගොස් තිබේ.

මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද නැතිනම් කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *