කොළඹ වරායට බොරතෙල් ගොඩබෑමේදී කාන්දුවක්

කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අද (14) අලුයම සිදුවු මෙම පිපිරීමෙන් බොරතෙල් මුහුදු ජලයට මිශ්‍ර වී ඇති බවය.

කොළඹ වරායේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බොරතෙල් ගොඩබෑම සිදුකරන බෝයාවක ආදාළ පිපිරීම සිදුව ඇති අතර එය මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වනවිට මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සහ නාවික හමුදාව එක්ව සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.

බොරතෙල් පැතිර ගිය සීමාව හදුනා ගැනීම සඳහා ගුවන් හමුදාවේද සහාය ලබාගැනීමට නියමිත බව සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *