ගාල්ලේ පැය 30ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය.

ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *