ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව අද රැස් වුණා.
ඒ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.
අනතුරුව රැස්වීම ආරම්භ කෙරුණු අතර, එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කිහිපයක් ස්ථිර කෙරුණු අතර, ශ්‍රී ලංකා කාන්තා සහ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා අඩු කර එය සම්මත කරගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පත් කරගත්තා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ද පත් කර ගැනීමට සභාව ඒකමතිකව තීරණය කළා.
අවුරුදු 16න් ඉහළ ඕනෑම අයෙකුට පක්ෂ සාමාජිකත්වය ලබා ගත හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සතුව තිබෙන අසීමිත බලතල සීමා කරමින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මෙහිදී පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා දැනුම් දුන්නා.



