ජයකොඩිව එළවන්න සජිත් පාර්ලිමේන්තු වටරවුමේ හිටගනී

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේමන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල දැවැන්ත විරෝධතාවයක නිරත වනවා.

විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර සහ පොල්දූව මංසන්ධිය අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති අතර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය තාවකාලිකව අවහිර වී පවතිනවා.  

මේ හරහා ගමන් ගන්නා මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, පොලිසිය රථවාහන පාලනය සඳහා අතිරේක කණ්ඩායම් කැඳවා තිබෙනවා.

විපක්ෂය චෝදනා කරන්නේ, රටේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවයි.

මෑතකදී සිදුකළ ඉන්ධන ගනුදෙනුවකදී රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදු වූ බවට එහිදී විරෝධතාකරුවන් රජයට චෝදනා එල්ල  කර සිටියා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *