තැපැල්පතිගේ OT ප්‍රකාශය දුරදිග යයි – තැපැල් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා(OT) සම්බන්ධයෙන් මතුවී ඇති සියලුම කරුණු ගැන අවධානය යොමු කොට තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ.

කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම්ගේ අවධානය මේ සඳහා යොමු වී ඇති අතර මේ පිළිබඳව විගණකාධිපතිවරයාගෙන් ඉදිරියේදී වාර්තාවක් කැඳවීමට කෝපා කමිටුවේ අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ.

පසුගිය දිනක තැපැල්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ, තැපැල් සේවකයින් අතිකාල දීමනා (OT) ඇඟිලි සලකුණු නොතබා ලබාගෙන තිබෙන බවත් එමගින් රුපියල් මිලියන දහයකට වඩා මුදලක් ලබාගෙන ඇති බවයි. එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ඇතැම් වාහන නඩත්තු කිරීම සම්බන්ධයෙන්ද අක්‍රමිකතා සිදුවී ඇති බව තැපැල්පතිවරයා ප්‍රකාශ කර තිබුණි.

තැපැල්පතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, මෙම අතිකාල දීමනා ලබා ගත්තේ සේවක හිඟය පවතින නිසා එහි වැඩි ආවරණය කරමින් බවත් මේ සඳහා තැපැල් පාලනාධිකාරියේ ද අනුමැතිය ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සියලුම කරුණු විගණකාධිපතිවරයාගේ මාර්ගයෙන් කෝපා කමිටුව වෙත ලබාගෙන ඉන් අනතුරුව ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට ගෙන්වා මේ ගැන කරුණු සොයා බැලීමට කෝපා කමිටුවේ අවධානය යොමු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *