මින් ඉදිරියට දන්සල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා පවසනවා.
රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සඳහා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මීට අදාළ චක්‍රලේඛය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නිකුත් කර ඇතිබවද ඔහු සඳහන් කළා.
වැඩිදුටත් අදහස් දක්වමින් කොමසාරිස්වරයා කියා සිටියේ,
“දන්සල් පැවැත්වීමේදී අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කරලා තියෙනවා ඒ වගේම සියලුම සාසන ආරක්ෂණමණ්ඩල ස්වාමීන් වහන්සේලා, පොලිස්පති තුමාත් දැනුම්වත් කරලා තියෙන්නේ. විශේෂයෙන් දන්සල් පමණක් නෙමෙයි සමහර නොගැලපෙන පූජාවන් වලට නොගැලපෙන කාරනා නියාමනය කිරීමටත් එම චක්‍රලේඛනයෙන් උපදෙස් ලබා දී තිබෙනවා…”



