දිනූ කුලානය අවශ්‍යනම් මගේ කාර්යාලයට පැමිණ එය ගෙන යන්න

“දිනූ කුලානය අවශ්යනම්
ඩුබායි හී මගේ කාර්යාලයට පැමිණ
එය ගෙන යන්න..!”
ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති
මෝසිං නක්වී ඉන්දියාවට කියයි.

සියතින් භාර ගැනීම ප්රතික්ෂේප කළ ආසියානු කුසලානය, එය දිනූ ඉන්දීය කණ්ඩායමට අවශ්ය ඕනෑම මොහොතක ප්රධානය කිරීමට සූදානම් බව, ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති මෝසිං නක්වී පවසයි.

2025 ආසියානු ක්රිකට් කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායම, එම කුසලානය, ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති මෝසිං නක්වී මහතා අතින් ලබා ගැනීම ප්රතික්ෂේප කළේ ය.
ඊට හේතුව, මෝසිං නක්වී, ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට අමතරව, පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපති ධූරයද හෙබවීමයි.

එමෙන්ම, මෝසිං නක්වී පාකිස්තාන ජාතිකයෙකි.
ඉන්දීය පිල සහ පාකිස්තාන පිල මෙවර පැවති ආසියානු කුසලාන තරගාවලියේ මුණ ගැසුණු පළමු තරගයම ආන්දෝලනාත්මක තරගයක් වූවේ, ජයග්රාහී ඉන්දීය කණ්ඩායම, පරාජිතයන් සමඟ අතට අත දීම ප්රතික්ෂේප කිරීම හේතුවෙනි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *