නාමල්ගේ උපාධි සහතිකයට අත්සන් කර ඇත්තේ ඉල්ලා අස්වූ උපකුලපතිවරයෙක්

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාගේ නීති උපා­ධියේ සැක සහිත තැන් ගණ­නා­වක් සම්බ­න්ධ­යෙන් වෙබ් අඩවි ගණ­නා­වක වාර්තා කර ඇති බැවින් පාර්ලි­මේ­න්තුවේ ගෞර­වය ආරක්ෂා කිරී­මට මේ සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කිරී­මක් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

නාමල් රාජ­පක්ෂ මහ­තාගේ උපාධි සහ­ති­කය 2009 වසරේ සැප්තැ­ම්බර් 15 වැනිදා නිකුත් කර ඇති බවත් ඒ මහතා නීති උපා­ධිය ලබා ගෙන ඇති සිටි යුනි­ව­ර්සිටි ඔෆ් ලන්ඩන් නම් ආය­ත­නය ශ්‍රී ලංකා නීති විද්‍යා­ලයේ ලියා­ප­දිං­චිය ලබා ඇත්තේ එම වසරේ ඔක්තෝ­බර් 15 වැනිදා බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

අදාළ උපාධි සහ­ති­කය නාමල් රාජ­පක්ෂ මහතා විසින් ශාස්ත්‍ර­පති උපා­ධිය සඳහා ලියා­ප­දිංචි වීම වෙනු­වෙන් ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට දී ඇති බවත් එම විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ව­රයා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ඉල්ලා අස්වී ඇති අතර ඉල්ලා අස්වී­මෙන් දින 54කට පසුව අදාළ උපාධි සහ­ති­ක­යට අත්සන් කර ඇති බව ද අදාළ වෙබ් අඩවි වාර්තා­කර ඇති බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

ගවේ­ෂ­ණා­ත්මක මාධ්‍ය­වේ­දි­නි­යක වන නිර්මලා කන්න­න්ගර විසින් සිදු කරන ලද හෙළි­ද­ර­ව්ව­කට අනුව මෙය වාර්තා කර ඇති බවත් නාමල් රාජ­පක්ෂ මහ­තාගේ නීති උපා­ධිය සම්බ­න්ධ­යෙන් සැක මුසු තැන් ගණ­නා­වක් මතු වන බව ද හෙතෙම පැව­සීය.

එබැ­වින් පාර්ලි­මේ­න්තුවේ හා මන්ත්‍රී­ව­රුන්ගේ ගෞර­වය ආරක්ෂා කිරී­මට මේ පිළි­බ­ඳව පැහැ­දිලි කිරී­මක් සිදු කරන ලෙස නාමල් රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා මෙසේ ද පැව­සීය.

“ මෙතන නීති­ඥ­වරු ගොඩක් ඉන්නවා, ඒ අය දන්නවා ශ්‍රී ලංකා නීති විද්‍යා­ල­යට ඇතුළු වීමට ලෝ එන්ට්‍රන්ස් විභා­ග­යක් නැතිව ඇතුළු වීමට ලෝකයේ පිළි­ගත් නීති උපාධි ලබා දෙන ආය­ත­න­ව­ලින් තමයි ඒ අයට අව­ස්ථාව තිබෙන්නේ.

නමුත් මේ සිටි යුනි­ව­ර්සිටි ඔෆ් ලන්ඩන් මේක යුනි­ව­ර්සිටි ඔෆ් ලන්ඩන් නෙවෙයි . සිටි යුනි­ව­ර්සිටි ඔෆ් ලන්ඩන් කියන ආය­ත­නය ශ්‍රී ලංකා නීති විද්‍යා­ලයේ ලියා­ප­දිංචි වී තිබෙන්නේ 2009-10-15 වැනිදා. නමුත් මේ ආය­ත­න­යෙන් උපා­ධිය ගත්තා­යැයි කියන නාමල් රාජ­පක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යා­ල­යට ඇතුළු වීමට ඉල්ලා තිබෙන්නේ 2009 -09-25 වැනිදා. අය­දු­ම්පත දාපු දව­සේම ඒක නීති විද්‍යා­ලය භාර අරන් තිබෙ­නවා. 2009 සැප්තැ­ම්බර් 25 වැනිදා අය­දු­ම්පත භාර­ගන්න කොට නීති විද්‍යා­ල­යට ඇතුළු වීමට මේ කියන සිටි යුනි­ව­ර්සිටි ඔෆ් ලන්ඩන් ආය­ත­නය ශ්‍රී ලංකා නීති විද්‍යා­ලයේ පිළි­ගෙන නැහැ.එය පිළි­ගෙන තිබෙන්නේ ඔක්තො­ම්බර් 15දා. මේ ගැනත් මෙම වාර්තා­වල අව­ධා­නය යොමු­කර තිබෙ­නවා.

ඔහුම සඳ­හන් කරන ආකා­ර­යට, බැච­ලර් ඔෆ් ලෝයර් හොනර්ස් ක්ලාස් ත්‍රී උපා­ධි­යක්. තුන්වැනි පන්තියේ උපා­ධි­යක්. ඒ මට්ටමේ ක්ලාස් ත්‍රී උපා­ධි­යක් අර­ගෙන එක්සත් රාජ­ධා­නීයේ නීතිඥ මණ්ඩ­ල­ව­ලට ඇතුළු වෙන්නට බැහැ කියන කාර­ණ­යත් වාර්තා වී තිබෙ­නවා. මේ තිබෙන වාර්තා නාමල්ගේ උපා­ධිය පිළි­බඳ වාර්තා ලේඛන සියල්ල සභා­ගත කර­නවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *