අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සොහ්රාන් මම්දානි නිව්යෝර්ක් නගරාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු 2026 ජනවාරි 01 වැනිදා නගරාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අප්‍රිකාවේ උපත ලැබූ 34 හැවිරිදි ඔහු, 1892න් පසු නිව්යෝර්ක් නගරයේ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත්වනු ඇති.
එමෙන්ම ඔහු එම නගරයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා මෙන්ම අප්‍රිකාවේ උපත ලැබූ ප්‍රථම නගරාධිපතිවරයා ද වනවා.



