නේපාලයේ නව කන්‍යා දෙව්දුව තෝරාගනී

නේපාලයේ, ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ ලෙස අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍යා නම් දැරිය නම් කර තිබේ.

මීට පෙර කුමාරිය ලෙස නම් කර සිටි ගැහැණු දරුවා වැඩිවියට පැමිණීමත් සමඟ නව කුමාරියක් පත්කිරීම සිදු කෙරිණි.

දැරියගේ පවුලේ සාමාජිකයින් කත්මන්ඩුහි නිවසේ සිට ඇය නව වාසස්ථානය වන ආගමික සිද්ධස්ථානය වෙත රැගෙන ආවේ පෙරහැරකිනි.

කන්‍යා දෙව්දුව ලෙස තෝරා ගැණෙන්නේ අවුරුදු දෙකත් – හතරත් අතර වයස් කාණ්ඩයේ, ලප කැළල් රහිත පැහැපත් සමක් ඇති, අඳුරට බිය නොවන දැරියකි.

මෙම උත්සවය එරට පැරැණිතම සහ වැදගත් හින්දු ආගමික උත්සවය ලෙස සැලකෙන අතර මෙලෙස තෝරා ගැනෙන කන්‍යා දෙව්දුව බෞද්ධ සහ හින්දු ආගමික කණ්ඩායම් දෙකෙහිම ගෞරවයට පාත්‍ර වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *