මෙරට ඉන්න අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඇමෙරිකානු පුරවැසියන් සඳහා මෙරට පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.   

මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසා දැමීම හේතුවෙන් ලෝක ව්‍යාප්ත ගුවන් ගමන්වලට තවමත් දැඩි බාධා එල්ල වී ඇති බවත්, කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපය හරහා ගමන් නොකරන වාණිජ ගුවන් ගමන් කිහිපයක් තවමත් ක්‍රියාත්මක වන බැවින්, ගුවන් ගමන් අවලංගු වීම් හෝ ප්‍රමාදයන් පිළිබඳව අදාළ ගුවන් සමාගම් සමඟ සෘජුව සම්බන්ධ වන ලෙස තානාපති කාර්යාලය උපදෙස්දී තිබෙනවා.

මේ අතර, සංචාරකයන්ට සිය විකල්ප ගමන් සැලසුම් සකස් කර ගැනීමට සහාය වීමක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් දින 14ක කාලයක් සඳහා නොමිලේ වීසා දිගුවක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව සඳහන්.

හදිසි සහාය අවශ්‍ය වන ඇමෙරිකානු පුරවැසියන්ට තානාපති කාර්යාලයේ පුරවැසි සේවා අංශය (+94 11 202 8500) හරහා සම්බන්ධ විය හැකි අතර, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වැඩකරන දිනවල පස්වරු 1.00 සිට 2.00 දක්වා එම සේවාවන් ලබාගත හැකි බව තානාපති කාර්යාලය සඳහන් කළා.

මීට අමතරව, ගුවන් ගමන් නොවන වෙනත් තොරතුරු සඳහා ශ්‍රී ලංකා සංචාරක පොලිසියේ 1912 ක්ෂණික ඇමතුම් අංකය ද භාවිතා කළ හැකි බව දැනුම්දෙනවා.

එමෙන්ම නවතම ආරක්ෂක තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාල අනුගමනය කරන ලෙස ද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *