රටම එකට ජාතික මෙහෙයුම අද තංගල්ලේදී

විෂ මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීම සඳහා රජය මඟින් ක්‍රියා­ත්මක කරන ‘රටම එකට‘ ජාතික මෙහෙ­යුමේ දකුණු පළාත් වැඩ­ස­ට­හන ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් තංගල්ල මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී අද (20) සවස 3.00ට ආරම්භ වේ.

මෙරට තරුණ ප්‍රජාව මෙන්ම පාසල් දරු­වන්ගේ ජීවිත අව­දා­න­මට ලක්කර ඇති විෂ මත්ද්‍රව්‍ය උව­දුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කිරීම මේ වැඩ­ස­ට­හනේ අර­මුණ වී තිබේ. මහ­ජන සහ­භා­ගි­ත්ව­යක් සහිත පුළුල් යන්ත්‍ර­ණ­ය­කින් මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරීම රජයේ සැල­සු­මයි. මත්ද්‍රව්‍ය සැප­යීම සහ ඊට ඇති ඉල්ලුම අඩාළ කිරීම ද අපේ­ක්ෂි­තය.

පාසල්, විශ්ව­වි­ද්‍යාල, පොලී­සිය, ත්‍රිවිධ හමු­දාව, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආය­තන ඇතුළු රාජ්‍ය ආය­තන ද මේ වැඩ­ස­ට­හ­නට එක්කර ගැනේ. ‘රටම එකට‘ වැඩ­ස­ට­හනේ සමා­ර­ම්භය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගිය මස 30 දා කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ විණි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *