වැලිගම සභාපතිගේ ඝාතකයින් අනාවරණය වෙයි

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

දින 2 – 3 ක් ඇතුළත ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

නිල කාමරයේ රැඳී සිටි අවස්ථාවේ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඊයේ (22) නන්නාදුනන වෙඩික්කරුවෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ දේහය මේ වන විට නිවසේ තැන්පත්කර තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *