විදුලිබල මණ්ඩලයේ නව සමාගම් හතරෙහි සභාපතිවරු පත්කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාපිත කරන ලද සමාගම් හතරට අදාළ සභාපතිවරු සහ ඒවායෙහි අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇත

විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටවනු ලැබු පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පුද්ගලික ආයතන හතර සඳහා පත්කළ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාල පත්විම් ලිපි ලබා දීම බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි

ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශණ පෙරේරා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලු‍ත්ගේ හා යූ.ඩී. නෙරංජිත් යන අය පත් කරනු ලැබ ඇත.

නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් හී සභාපති ලෙස පී.එන්.එස්. කුමාරතුංග පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ හා එන්.එන්. වෙත්තසිංහ යන අය කටයුතු කරති.

ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සභාපති ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න හා ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි පත් කර තිබේ.

එමෙන්ම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති ලෙස ආර්. රෝහිත ජයරත්න පත් කෙරුණ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී ඒකනායක සහ සී.කේ. රණතුංග යන අය පත් කර ඇත.

මේ අතර බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විදුලි වල මණ්ඩලය නව විදුලි වල සංශෝධන පනතට අනුව පෞද්ගලීකරණය නොකරන බවයි.

විදුලි බල මණ්ඩලය රජය සතු සමාගම් හතරකට වෙන්කර දියුණු කිරීම සඳහා සැලසුම් කර තිබෙන බවත් දැනට සිටින සියලු සේවකයින් එම සමාගම් හතරට අනුයුක්ත කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

සමාගම් හතරට එක්වීමට අකමැති සේවකයන් සිටී නම් ඔවුන්ට තම අභිමතය පරිදි ස්වේච්ජාවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇතිකර තිබෙන බවද කුමාර ජයකොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *