15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

එංගලන්තයේ ෂෙෆීල්ඩ් හිදී සහෝදර සිසුවෙකු ඝාතනය කිරීමට වරදකරු වූ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට ෂෙෆීල්ඩ් අධිකරණය අද (22) නියම කළේය.

මෙලෙස දඬුවම් නියමකර ඇත්තේ මොහොමඩ් උමාර් ඛාන් නම් තරුණයෙක්ටය.

එංගලන්ත නීති රාමුව යටතේ ඔහුගේ දඬුවම ලිහිල් කිරීමක් හෝ ලැබීමට නම් අවම වසර 16ක් සිර දඬුවම් විඳීම අනිවාර්යය.

මෙම වසරේ පෙබරවාරි 3වනදා ෂෙෆීල්ඩ් හි ඕල් සෙන්ට්ස් කතෝලික උසස් පාසලේ දිවා ආහාර විවේකයේදී හාවි විල්ගූස් නම් 15 හැවිරිදි තරුණයෙකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කිරීම මොහොමඩ් උමාර් ඛාන් එල්ල වී ඇති චෝදනාව වේ.

ඒ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී ජූරියක් විසින් ඔහු වරදකරු බවට නිර්දේශ කළද, එහි තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ අද දිනයේය.

අදාළ සිදුවීම වූ දින ඔහු එම ස්ථානයෙන් පලා නොගොස් ඇති අතර, පොලීසිය පැමිණෙන විටත් එහි සිට ඇත.

එහිදී පොලීසියට පවසා ඇත්තේ “මගේ ඔලුව හරියට නැහැ, මගේ අම්මා මාව හරියට බලාගන්නේ නැහැ” යනුවෙනි.

විල්ගූස් තමාව අනවශ්‍ය සමච්චලයට ලක්කිරීමෙන් ඇති වූ මානසික පීඩනය දරාගත නොහැකිව මෙම ඝාතනය කිරීමට පෙළඹුණ බව ඔහු පවසා ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *