නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී අද (10) පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදීමක් සිදු කර තිබේ. නීතීඥවරයා විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා […]
තලේබාන් විදේශ ඇමති ඉන්දියාවේ ඓතිහාසික සංචාරයක

එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලත් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් විදේශ අමාත්‍ය මව්ලාවි අමීර් ඛාන් මුත්තකි ඉන්දියාවට පැමිණ සිටිනවා. එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ඉවත් කර ගැනීමෙන් සහ පැවැති රජය බිඳවැටීමෙන් පසු තලේබාන් සංවිධානය 2021 දී ඇෆ්ගනිස්තානයේ නැවත බලයට පත්වීමෙන් පසු ඉහළ පෙළේ තලේබාන් නායකයෙකු විසින් කරන ලද පළමු සංචාරය මෙයයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඔහුට සංචාරක සහනයක් ලබා දීමෙන් […]
සාක්ෂි විකෘති කර ඇතැයි විමල්ගෙන් පොලීසියට චෝදනාවක්

තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව පොලීසිය කටයුතු කර ඇති ආකාරය ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදහස් දක්වා තිබේ. සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් දුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර […]
මාපිය දූදරු සබැඳතා බිඳින නීති එපා – කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් රජය විසින් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේදී, බටහිර ලෝකයේ ඇතැම් නීති ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි අවධාරණය කරයි. කාදිනල් හිමි මේ බව ප්‍රකාශ කළේ නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමිනි. යෝජිත නීතිය මගින් දරුවා සහ දෙමාපියන් අතර […]
චම්පිකට ගහපු මඩකට රන්ජන් ජයලාල් වරදකරු වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක විසින් ගොනු කරන ලද දීර්ඝකාලීන සිවිල් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. වසර දහතුනක් පමණ කාලයක් තිස්සේ අධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුව සම්බන්ධයෙන් අද (10) තීන්දුව ලබා දී ඇති අතර, එහිදී රන්ජන් ජයලාල් වරදකරු බවට අධිකරණය තීරණය කර තිබේ. තීන්දුව සම්බන්ධයෙන් අද දින පැවති […]
මීඩියා වලට කිව්වදේ තහවුරු කරේ නෑ – නීතියෙන් කටයුතු කරනවා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනය හේතුවෙන් […]
2025 නොබෙල් සාම ත්‍යාගය මාරියා කොරිනා මචාඩෝට

2025 නොබෙල් සාම ත්‍යාගය මාරියා කොරිනා මචාඩෝට පිරිනමා තිබෙනවා. නෝර්වේජියානු නොබෙල් කමිටුව විසින් මේ බව දැන් නිවේදනය කළා. වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය වෙහෙස නොබලා කළ කාර්යය සහ ආඥාදායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත සාධාරණ හා සාමකාමී සංක්‍රමණයක් ලබා ගැනීම සඳහා ඇය කළ අරගලය හේතුවෙන් මෙම සම්මානය පිරිනැමීමට ප්‍රධාන හේතුව බවයි කමිටුව සඳහන් කළේ. වෙනිසියුලාවේ […]
88/89 භීෂණය කලේ JVP නෙමෙයි
ෆෙරාරි සිය ප්‍රථම විද්‍යුත් මෝටර් රථයවන ‘Elettrica’ හි තාක්ෂණය එළිදක්වයි

ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන් යුතුව සිටි ප්‍රථම විද්‍යුත් මෝටර් රථය වන ‘Elettrica’ බලගන්වන තාක්ෂණය එළිදක්වා තිබෙනවා. වසර 78ක් පැරණි මෙම සමාගම සිය දෙමුහුන් සහ පෙට්‍රල් එන්ජින් මාදිලීන්ට බැටරි බලය එක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මැරනෙලෝ (Maranello) හි පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේ පැවති රහසිගත උත්සවයකදී, ෆෙරාරි රතු පැහැති ආවරණයක් ඉවත් […]
මාලිමාවට ඡන්දය දුන් කොටසක් ඈත්වෙමින් ඉන්නවා

ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබා දුන් ජනතාවගෙන් කොටසක් විවිධ හේතු මත ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටින බවත්, එසේම මීට පෙර ඡන්දය නොදුන් කොටසක් ආණ්ඩුවට එකතු වෙමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවරදී මාධ්‍ය නැගූ, ආණ්ඩුව කෙරෙහි පවතින වර්තමාන ජනප්‍රියත්වය පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමිනි. ආණ්ඩුව කෙරෙහි […]