දිවයින පුරා පාසල්වල ගුරු පුරප්පාඩු 36,000ක්

දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය. අද (21) පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවය. එමෙන්ම පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණ 2,513ක්, මධ්‍යම 6,318ක්, වයඹ 2,990ත්, ඌව 2,780ක්, […]

සෘජු විදේශ ආයෝජන වේගයෙන් ඉහළට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 දක්වා ලඟා වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOl)නිවේදනය කළේය. එය 2024 අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට කැපී පෙනෙන  138% ක වැඩිවීමක් සනිටුහන් කර ඇති […]

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ඉන්දීය විකට රංගන ශිල්පී ගෝවර්ධන් අසරානි (Govardhan Asrani) මියගොස් තිබෙනවා. කෙටි අසනීප තත්ත්වයකින් පසු 84 වන වියේ පසුවූ ඔහු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක චරිත රැසක් නිරූපණය කළ ඔහු, “ෂෝලේ” (Sholay) චිත්‍රපටයේ “හම් අංග්‍රේසෝන් කේ සමනේ කේ ජේලර් හේ” (Hum angrezon ke […]

ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 11ක් – මරණ 22ක්

2025 වසරේ ජනවාරි මස සිට ඊයේ (20) දිනය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන්  40,633ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජාව වෛද්‍ය විශේෂඥ ප්‍රෂීලා සමරවීර මහත්මිය පවසයි. අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරිය පැවසුවේ වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. එමෙන්ම වැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්ක 11ක් හඳුනාගෙන ඇති අතර කොළඹ, […]

හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ […]

මාස 9ට නොගෙවූ රාජ්‍ය ණය රුපියල් බිලියන 1063.13කින් ඉහළට

2024 සැප්තැම්බර් මස අග පැවති ජනාධිපතිවරණය අවස්ථාව වන විට මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 ජුනි මස අග වන විට රුපියල් බිලියන 1063.13 ක් දක්වා ඉහල ගොස් ඇති බව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි. නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වාදෙන ආකාරයට 2024 සැප්තැම්බර් මාසයේ අග වන […]

හෙට රෝස පාටින් සැරසී පැමිණෙන්න

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස  කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. ඒ අනුව හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය. එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය […]

පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

ජපානයේ දේශපාලන පෙරළි රැසක් මධ්‍යයේ, දැඩි කොන්සර්වේටිව් නායිකා සනායි තකයිචි එරට ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට සූදානම්ව සිටිනවා.  වත්මන් ජපාන අගමැති ෂිගෙරු ඉෂිබාගේ සමස්ත කැබිනට් මණ්ඩලයම සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  අද පස්වරුවෙන් පසුව තකයිචි නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවනු ඇති බවද සඳහන්.  ඇයගේ LDP නායකත්ව තරඟයේදී ඇයගේ ප්‍රතිවාදීන් වූ දෙදෙනෙකුට, එනම් […]

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. ඒ අනුව අද (21) උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැලඹිලි […]

මාලිමාවේ මන්ත්‍රීවරු 159 දෙනාම වැලිකඩ යන්න සූදානම් වෙන්න

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා මහජන මුදල් අවභාවිත කර බරපතල වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනාට මීළඟ ආණ්ඩුවක් යටතේ නියත වශයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳීමට සිදුවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මන්ත්‍රීවරුන්ට තම පෞද්ගලික ආදායම තමන් කැමති පරිදි භාවිත කිරීමට නිදහස තිබුණද, කාර්යාල, […]