නිව්යෝර්ක්හි පළමු මුස්ලිම් නගරාධිපති සොහ්රාන් මම්දානි

අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සොහ්රාන් මම්දානි නිව්යෝර්ක් නගරාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව ඔහු 2026 ජනවාරි 01 වැනිදා නගරාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අප්‍රිකාවේ උපත ලැබූ 34 හැවිරිදි ඔහු, 1892න් පසු නිව්යෝර්ක් නගරයේ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත්වනු ඇති. එමෙන්ම ඔහු එම නගරයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා මෙන්ම අප්‍රිකාවේ උපත ලැබූ ප්‍රථම නගරාධිපතිවරයා […]

දිස්ත්‍රික්ක 4ක අද සුනාමි පෙරහුරුවක්

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) පැවැත්වීමට නියමිතව තිබේ. යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇගවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා සම්බන්ධීකරණය කරන ලද කලාපීය අභ්‍යාසයක් ලෙස මෙය සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මෙම වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, […]

කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක්

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබේ. කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙනගොස් තිබේ. මෙම […]

ගාලු මුවදොර ‘අරගල’ ප්‍රහාරයට සැකකරුවන් 31ක්

2022 වසරේ මැයි මස ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සැකකරුවන් අතර සිටින බවත්, එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් […]

කඳානෙන් අල්ලපු සුදු ගල් ‘අයිස්’ නෙමෙයි

කඳානේ පිහිටි නිවසකින් සහ එම නිවස ඉදිරිපිට පිහිටි වෙල්යායෙන් සොයාගත් සුදු පැහැති කැට සහ කුඩු මෙතැන්පිටමින් නොහොත් අයිස් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් නොවන බවත්, ඊට අදාළ වාර්තාව රස පරීක්ෂකවරයා විසින් කඳාන පොලිස් ස්ථානයට යොමුකර ඇති බවත්, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කඳාන පොලිසිය පියවර ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය. එහි තිබී ඇත්තේ […]

ඉල් පුර පසළොස්වක පොහොය අද

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුවූ සිදුවීම් අතර […]