Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු.මි. 300ක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහ විධායක කමිටුවේ මඟපෙන්වීම යටතේ මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා සිටියේ, මෙම තීරණය මගින් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ආදරය කරන ක්‍රීඩාවක් නියෝජනය කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සිය වගකීම පිළිබිඹු කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රට වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත්, අවශ්‍ය සෑම විටම සහයෝගය ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *