ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ‘2026 විස්සයි20’ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශපත් අලෙවිය අද (11) පස්වරුවේ සිට ආරම්භ වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව පදනම් කරගත් ක්‍රීඩාලෝලීන්ට අද ප.ව. 6.45 සිට ප්‍රවේශපත් මිලදී ගැනීමට අවස්ථාව උදාවේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුක්තරමින් දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1000 ආරම්භක වටිනාකමේ සිට ප්‍රවේශපත් මිලදීගැනීමට හැකි බවය.
10වන වරට පැවැත්වෙන මෙවර විස්සයි20 ලෝක කුසලානය 2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වේ.
ප්‍රවේශපත් https://tickets.cricketworldcup.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් මිලදීගත හැකිය.



