IMF ගිවිසුම වෙනසක් නොකර ඉදිරියට ගෙනයෑමට එකඟතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය 22 වන දා මෙරටට පැමිණි […]
“රනිල්ට නඩු පවරන්නේ මාර්තු මාසයේදී..”

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. අදාල නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය. මේ […]
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (28) නියෝග කළා. ඒ, මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී. මෙම සිද්ධියේ […]
දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට ලක්ෂ 240ක දඩයක්

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහ්මාන් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළේය. ඒ අනුව, අදාළ විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළ බව අද දෙරණ […]
රනිල් කොටුව අධිකරණයට

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) පස්වරු 1.25ට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල […]
නිශාන්ත වික්‍රමසිංහට එරෙහි නඩුවට දුන් නියෝගය

රජයට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීම ඇතුළු දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට අදාළ නඩුව ඊයේ (27) කැඳවනු ලැබුවා. එහිදී විමර්ශන කටයුතු කඩිනම් කර අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව යළි මැයි 29 වනදා කැඳවීමට තීරණය කළා. 2014 ජනවාරි 22 දින […]
බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා අද (28) නියෝග කළේය.
ගෝඨාභය ඇතුළු 7කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

අරගලයට පහරදීමෙන් පසු ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ හානියට පත් තම නිවාස වෙනුවෙන් නීතියට පටහැනිව වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම මුදල් යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ, මෙම නඩුකරයේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින […]
“පවන් ගැන අවධානයෙන් ඉන්නේ අපි..”

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තුන්වන එක්දින තරගයේදී තරුණ පිතිකරුවාගේ කැපී පෙනෙන ශතකයෙන් පසු එංගලන්ත තරු පිතිකරු ජෝ රූට් ශ්‍රී ලංකාවේ පවන් රත්නායකට ප්‍රශංසා කළේය. ඔහු මෙම තරුණ ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රීඩකයෙකු ලෙස හැඳින්වීය. රූට්ගේ නොදැවී ලකුණු 111 සහ හැරී බෲක්ගේ පුපුරන සුලු ලකුණු 136 මගින් එංගලන්තය කඩුලු 3කට ලකුණු 357ක දැවැන්ත […]
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති අජිත් පවාර් ඇතුළු පුද්ගලයින් පිරිසක් අද (28) පෙරවරු 8:45ට පමණ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අජිත් පවාර් ගමන් ගත් කුඩා ගුවන් යානය පූනේ දිස්ත්‍රික්කයේ බාරමතී ගුවන් තොටුපළට ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මුම්බායි සිට බාරමතී බලා පියාසර […]