ලොව කීර්තිමත්ම සම්මානය ලෙස සැළකෙන නොබෙල් සාම ත්‍යාගයේ මේ වසරේ ත්‍යාගලාභියා තව පැය කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඇමරිකානු ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සම්මානය දිනා ගැනීම සඳහා මාස ගණනාවක් තිස්සේ උත්සාහ කරමින් සිටිනවා.
ට්‍රම්ප්ගේ ඡායාරූපය යොදමින් ධවල මන්දිරය අද දින සමාජ ජාල ඔස්සේ පෝස්ටුවක් පළකර තිබුණේ ‘සාම ජනාධිපති’ ලෙස නම් කරමින්.
අමෙරිකාවේ මීට පෙර සිටි ජනාධිපතිවරුන් හතර දෙනෙකු වන බරක් ඔබාමා (2009), ජිමී කාටර් (2002), වුඩ්රෝ විල්සන් (1919), සහ තියඩෝර් රූස්වෙල්ට් (1906) දිනා ගත් මෙම ත්‍යාගය සඳහා වූ සිය ආශාව පිළිබඳව ට්‍රම්ප් විවෘතව අදහස් පළ කර තිබෙනවා.
කාටර් හැර අනෙක් සියලු දෙනාම ධූරයේ සිටියදී සම්මානය දිනා ගත්තා.
ඔබාමා ධූරයට පත්වී මාස අටකටත් අඩු කාලයකදී සම්මානයෙන් පිදුම් ලැබුවා.
නමුත්, නෝර්වේජියානු නොබෙල් කමිටුවේ ප්‍රධානියා වන ජෝර්ජන් වැට්නේ ෆ්‍රයිඩ්නස් ඔස්ලෝ හි නෝර්වේජියානු නොබෙල් ආයතනයේදී පෙරවරු 11 ට මයික්‍රෆෝනය වෙත පැමිණෙන විට, ට්‍රම්ප්ගේ නම කියවීමට ඇති ඉඩකඩ අතිශයින් අඩු බව සම්මාන පිළිබඳ විශේෂඥයෝ විශ්වාස කරනවා.
ට්‍රම්ප් සිය ගාසා හි යුද්ධය අවසන් කිරීමේ මුලපිරීමේ පළමු අදියර යටතේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ ගනුදෙනුවක් ඊයේ නිවේදනය කළා.
කෙසේ වෙතත්, නෝර්වේජියානු දිනපතා පුවත්පතක දැක්වුණේ , නොබෙල් කමිටුව සඳුදා දින සිය තීරණය ගෙන ඇති බවයි.
එනම් සට්න විරාම ගනුදෙනුව නිවේදනය කිරීමට පෙර යි.
කමිටුවේ සාමාජිකයින් පස් දෙනා මේ පිළිබඳව දැන සිටියද, ඔවුන් සාමාන්‍යයෙන් මාස ගණනාවක් තිස්සේ විවාදාත්මක තීරණයක් සඳහා හදිසියෙන් තීරණයකට එළඹෙනු ඇතැයි සිතිය නොහැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
නොබෙල් කමිටුව අගය කරන,දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ලෝක සාමය කඩාකප්පල් කිරීමට ට්‍රම්ප් දරන උත්සාහයන් හේතුවෙන් ඔහුට ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව ඉතා අඩු බව පළපුරුදු නොබෙල් නිරීක්ෂකයින් තර්ක කර තිබෙනවා.
සාම පර්යේෂණ ආයතනයේ ප්‍රධානී නීනා ග්‍රේගර් පෙන්වා දුන්නේ, ට්‍රම්ප් අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ 2015 පැරිස් දේශගුණික ගිවිසුම්වලින් ඉවත් කිරීම, මෙන්ම මිත්‍ර පාක්ෂිකයන් සමඟ ඇතිකරගත් වෙළඳ යුද්ධය ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තේ අරමුණට පටහැනි බවයි.
නොබෙල්ගේ කැමැත්ත, සාමය ඇති කිරීම, නිරායුධකරණය ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමයන ක්ෂේත්‍ර ඔස්සේ දිවෙනවා.
ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සමාදාන වීමට උත්සාහ කිරීම ඇතුළු කරුණු උපුටා දක්වමින්, “ඔහුගේ ඒකාධිපතියන් කෙරෙහි ඇති ප්‍රසාදයද ඔහුට අවාසිදායකයි”යැයි සම්මාන පිළිබඳ ඉතිහාසඥයෙකු වන ඇස්ලේ ස්වීන් පැවසුවා.
ඒ වෙනුවට, කමිටුව පහත සඳහන් අපේක්ෂකයන් වෙත අවධානය යොමු කිරීමට ඉඩ ඇතැයි විශේෂඥයෝ පවසනවා.
සුඩාන ස්වේච්ඡා ජාලයවන හදිසි ප්‍රතිචාර කාමර (Emergency Response Rooms), UNHCR, UNICEF හෝ ICJ වැනි එක්සත් ජාතීන්ගේ ආයතනයක්, රතු කුරුස සංවිධානය හෝ දේශසීමා රහිත වෛද්‍යවරුන් (Doctors Without Borders) වැනි ආධාර සංවිධානයක් පිළිබඳ විදෙස් වාර්තාවල සඳහන්.
මෑත වසරේදී, විශේෂයෙන් ගාසා තීරයේදී, පෙර නොවූ විරූ ලෙස වැඩි මාධ්‍ය සේවක පිරිසක් පුවත් වාර්තාකරණයේදී මියගියා.
එබැවින්කමිටුවජනමාධ්‍යවේදීන් කෙරෙහි අවධානය යොමු කිරීමටදඉඩ ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
නොබෙල් සාමත්‍යාගය සඳහා වන නාමයෝජනා සෑම වසරකම ජනවාරි 31 වන විට කමිටුවට ලැබිය යුතුයි. සාමාජිකයින්ට පෙබරවාරි මාසයේ පළමු රැස්වීමට පෙර නාමයෝජනා ඉදිරිපත් කළ හැකියි.
සාමාන්‍යයෙන් තීරණය අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී ගනු ලැබුවද, මේ වසරේදී එය ප්‍රමාද වී තිබෙනවා.
නොබෙල් කමිටු ප්‍රධානියා වන ෆ්‍රයිඩ්නස් රොයිටර් පුවත් සේවයට පැවසුවේ “සියලුම දේශපාලඥයන් නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට කැමතියි”යනුවෙන්.
කෙසේවෙතත්, “අපි වෙනදා කරන විදියටම, අපේ වැඩේ කරනවා” ඔහු වැඩිදුරටත් කියා සිටියා.



