පාස්කු ගැන හොයන්න රට ගිය නිලධාරියා කවුද?

මහජනතාවගෙන් සොරාගත් දේපළ යළි රජයට පවරා ගැනීමේ සහ මෙරට සිදුවූ බරපතළ ගණයේ අපරාධ සම්බන්ධ පරීක්ෂණ නිසි ලෙස අවසන් කිරීමේ වැඩපිළිවෙළට තම රජය පණ පොවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

ඊයේ (01) නුවරඑළියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් සඳහන් කරමින් ඔහු කියා සිටියේ, එම පරීක්ෂණ සඳහා අදාළ නිලධාරියෙක්ද මේ වන විට විදේශගතව පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.

අයිතිකරුවන් නොමැති බව පවසන සහ නීත්‍යානුකූලව උපයාගත් බව ඔප්පු කළ නොහැකි දේපළ සම්බන්ධයෙන් රජය දැඩි පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

කතරගම ප්‍රදේශයේ පිහිටි අයිතිකරුවෙකු ඉදිරිපත් නොවූ විශාල නිවසක් මෙන්ම මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක ඉඩම සහ දේපළ දැනටමත් රජයට පවරාගෙන තිබෙන බවත්, ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ පිහිටි නිවසක් සම්බන්ධයෙන්ද දැනට විමර්ශන ක්‍රියාත්මක වන අතර, එහි අයිතිකරුවන් කවුරුන්ද යන්න සොයාබලා එම දේපළද රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවා.

2009 වසරේ සිට සිදුවූ ඝාතන සහ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කර ඇති බවත්, ඒවා අවසන් කිරීමට යම් කාලයක් ගත වුවද අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,

“තව අපිට අවුරුදු තුනහාමාරක් තියෙනවා. වැදගත් අපරාධ පිළිබඳව පරීක්‍ෂණ ආටම්භ කරලා තියෙනවා. සමහර ඒවා 2009 ඝාතන. හොයාගන්න ටිකක් කල් යනවා. හැබැයි හොයනවා. පාස්කු ප්‍රහාරය ඊළඟට. ඒකත් හොයනවා.අදත් එහි පරීක්‍ෂණ නිලධාරියෙක් ලංකාවේ එළියෙන් ඉන්නේ පරීක්‍ෂණ සඳහා ගිහිල්ලා. හොයනවා. හොයලා මොකද කරන්නේ? මේ කිසිදු දූෂණයක්, මේ කිසිදු අපරාධයක්, මේ කිසිදු ඝාතනයක් කාලයේ වැලි තාලාදෙන් යට වෙන්න ජාතික ජන බලවේග ආණ්ඩුව ඉඩ නොතබන බව මම කියනවා…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *