“විජේ කච්චතිව් ඉල්ලුවා නේද..? කච්චතිව් විතරක් නෙමෙයි යාපනයම තමිල්නාඩුවට දෙන්න..”

යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ කච්චතිව් දූපත පමණක් නොව මුළු යාපනයම තමිල්නාඩුවට භාර දෙන ලෙසයි.

බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසමින් ඔහු පෙන්වා දුන්නේ ඩෙල්ෆ් දූපතේ ජනතාව දැඩි විදුලි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ ඩෙල්ෆ් දූපතේ අඩකට වඩා වැඩි ප්‍රමාණයකට විදුලිය නොමැති බවත්, සතියේ දින පහක්ම විදුලිය විසන්ධි වී පවතින බවත්ය.

කච්චතිව් දූපත තමිල්නාඩුවට ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක, යාපනය තමිල්නාඩුවට ලබා දුනහොත් එහි ජනතාව ආරක්ෂා කිරීමට තමිල්නාඩු වැසියන් කටයුතු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ඔහු සදහන් කළේ මෙවන් අදහසකි 

“ඩෙල්ෆ් දූපතේ භාගයකටම කරන්ට් නෑ සතියේ දවස් හතෙන් දවස් පහක් කරන්ට් නෑ..විජේ කච්චතිව් දූපත ඉල්ලපු එකට ජනාධිපතිතුමා දෙන්න බෑ කියලා කිව්වනේ. කච්චතිව් විතරක් නෙමෙයි යාපනය තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *