රට කැළඹූ කපිලගේ මරණයේ අබිරහසේ පොට පෑදෙයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහා මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් පෙනී සිටි පුද්ගලයන් සම්බන්ධීකරණය කළ බව කියන 76 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප තුනක් නියම කර තිබූ අතර ඉන් ඇප දෙකක් සඳහා ඉදිරිපත් වූයේ සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති පුද්ගලයන් දෙදෙනෙක් වේ.

ඒ අනුව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සැකකාර කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික හිතවත්කමක් නොමැති මෙම පුද්ගලයන් දෙදෙනා, රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇපකරුවන් වශයෙන් පෙනී සිට ඇති බව‍යි.

එමෙන්ම සැකකරුවන් පොලිසිය හමුවේ ‘දේවා’ සහ ‘තිස්ස’ නමැති පුද්ගලයන් දෙදෙනෙකුගේ ඉල්ලීම මත තමන් මෙම මුදල ලබාගත් බවට පාපොච්චාරණය කර ඇති බව සඳහන්.

තවද සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත්, අවශ්‍ය මොහොතක සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මොවුන්ට හැකියාවක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට වැටහී යාමෙන් අනතුරුව මෙම වංචාව හෙළිව ඇත.

මෙම ඇපකරුවන් දෙදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉකුත් 06 වැනිදා නියෝග ක‍ර තිබුණා. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කිරීමෙන් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට එම ජාලයේ මැදිහත්කරු වශයෙන් කටයුතු කළ 76 හැවිරිදි පුද්ගලයා ද පොලිස් භාරයට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *