කඩුවෙලට අද විශේෂ රථවාහන සැලැස්මක්

සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ එම දේවාලයේ පෙරහැර අද උදෑසන 6 සිට දහවල් 2 දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවයි.

පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර දිය කැපීමේ චාරිතය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පෙරහැර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රියදුරන්ගෙන් හා මහජනතාව වෙත දැනුම්දීමක් කර තිබෙනවා.

විකල්ප මාර්ග – 

143 – අවිස්සාවේල්ල – කොළඹ බස් මාර්ගයේ වෙලේ හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ග වශයෙන් 697 බස් මාර්ගයෙන් පට්ටියවත්ත මාර්ගය ඔස්සේ 177 කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයට අවතීර්ණය වී මාලබේ දෙසට ඇති රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 අවිස්සාවේල්ල – කොළඹ බස් මාර්ගයට අවතීර්ණය වී ගමන් කළ හැකියි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *