කපිල චන්ද්‍රසේන මැරුණාද..? මැරුවාද..? – මරණය ගැන තවත් තොරතුරු එළියට

අල්ලස් චෝදනා එල්ලවී සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක මියගොස් සිටියදී ඔහුගේ සිරුර අද (08) උදෑසන හමුවුණි. ඔහුගේ මළසිරුරේ ගෙලෙහි කැඩුණු රෙදි පටියක කොටසක් තිබී ඇති අතර පොලිසිය සැක කරන්නේ මෙය දිවි නසාගැනීමක් බවටය. මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරු පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන […]

යෝෂිතගේ නඩුව ගැන අධිකරණයෙන් දැනුම්දීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය, ලබන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (8) දින දැනුම් දී ඇත. ඒ අනුව අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දන්වා තිබෙනවා. […]

අටමස්ථානාධිපතිව අත්අඩංගුවට ගන්න නියෝග

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව සැකකරුවන් ලෙස නම් කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. එමෙන්ම විදෙස් ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය නියෝග කළා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණය හමුවේ අද සිදුකළ කරුණු දැක්වීම් සහ ඉදිරිපත් […]

ගෝඨාභයට නොතීසි…

2022 මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ සිද්ධීන්වලින් දේපළ හානි වූ බව පවසා නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග […]

කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිත බව පොලිසිය අධිකරණයට දන්වයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී  කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප […]

පාස්කු ප්‍රහාර නඩුවේ සාක්ෂි ලේඛනයෙන් රවී සහ ශානිගේ නම් ඉවත් කරයි

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­යදී වළක්වා ගැනී­මට කට­යුතු නොකි­රී­මෙන් රාජ­කා­රිය පැහැර හැරීමේ චෝද­නාව යටතේ හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනා­න්දුට එරෙ­හිව පවරා ඇති නඩුවේ සාක්ෂි­ක­රු­වන්ගේ ලේඛ­න­යෙන් රවී සෙනෙ­වි­රත්න සහ ශානි අබේ­සේ­කර යන මහ­ත්ව­රුන්ගේ නම් ඉවත් කර ගන්නා බව විත්තිය ඊයේ (07) කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ප්‍රියන්ත ලිය­නගේ (සභා­පති), විරාජ් වීර­සූ­රිය […]

වියට්නාම ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

රාජ්‍ය සංචා­ර­යක් සඳහා මෙරට පැමිණි විය­ට්නාම් ජනා­ධි­පති ටෝ ලාම් මහතා අද (08) මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. පෙරවරු 11.05ට පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයාව පිළිගනු ලබන්නේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් වන අතර අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති […]

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සිය දිවි නසා ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවය. කපිල චන්ද්‍රසේන මහතා ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව […]