ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 115ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

මෙම තරගයේදී දීර්ඝ කාලයකට පසු එංගලන්ත සංචිතයට නැවත කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ගේ (Ollie Robinson) දක්ෂ පන්දු යැවීම එංගලන්ත ජයග්‍රහණය වඩාත් පහසු කිරීමට හේතු වුණා.

නවසීලන්තය ලැබූ මෙම දරුණු ටෙස්ට් පරාජයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලි (WTC) ප්‍රසාද ලකුණු සටහන ද සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් දෙවන ස්ථානයේ පසුවූ නවසීලන්තය සිව්වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, එහි වාසිය ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙම වෙනස් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමද ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *