මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇත. මේ අතර ශ්රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) ප.ව. 2ට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකරමින් ඔවුන් පවසා සිටියේ පීඩන අවපාතතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් […]
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය […]
අයවැය විවාදය කල් යන ලකුණු – පක්ෂ නායක රැස්වීමක් අද සවස

උද්ගතව ඇති ආපදා තත්ත්වය සහ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) සවස 2 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුව පැවැත්වීම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතව තිබේ. ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ආපදා ඇතිවූ ස්ත්රික්ක නියෝජනය කරන මන්ත්රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ අනුව මැති […]
ප්රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නැහැ

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්රා හි රික්ටර් මාපාංක 6.6ක ප්රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්යස්ථානය නිවේදනය කරන්නේ, ශ්රී ලංකාවේ වෙරළබඩ ප්රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසය. ශ්රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇත්තේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි. නිවේදනයක් නිකුත් […]
උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න

සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ. ඒ සඳහා දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබේ. අද පැවැත්වීමට නියමිතව තිබූ […]
ආපදා මරණ 31 දක්වා ඉහළට

මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. වාර්තා වන දත්ත අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්රික්ක 17කට ආපදාවට ලක්ව ඇති අතර ප්රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇත. එම ප්රදේශවල පවුල් 1,158කට අයත් […]
බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි

වසාදාමා තිබු බෙන්තර පැරණි පාලමේ දකුණු කොටස ඊයේ (26) රාත්රියේ කඩා වැටී තිබේ. 1902 දී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පළාත හා දකුණු පළාත යාකරන ප්රධාන ස්ථානයකි. දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වී තිබූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවකට සිටි රජය කටයුතු කර තිබුණි. මෙම පැරණි පාලම […]
කන්ටේනර් 323ක් නිදහස් කිරීම ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්රමරත්න මහතා පවසයි. අද (27) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක ජගත් වික්රමරත්න මහතා පැවසුවේ අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් මෙම කමිටුව ක්රියාත්මක වන බවය. අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම […]
ආපදාවට ලක්වූ දිස්ත්රික්කවල මන්ත්රීවරුන් සමඟ සාකච්ඡාවක්ට ජනපති පාර්ලිමේන්තුවට

ආපදාවට ලක්වූ සියලු දිස්ත්රික්කවල පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ. අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ, ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා විසින් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයට රජය ගෙන ඇති ක්රියාමාර්ග සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්ය බිමල් රත්නායක මහතා […]
උදිත නුගේගොඩ රැලියට ගෙනා පිස්තෝලේ පොලිස් භාරයට

නුගේගොඩ පැවති විපක්ෂයේ විරෝධතා රැලියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි උදිත ලොකුබණ්ඩාර මහතා වේදිකාව මත ගමන් මල්ලක් තුළ සඟවා ගෙන සිටි පිස්තෝලය නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (25) පොලිස් භාරයට ගෙන ඇත. විශාල මහජනතාවක් රැස්ව සිටි ස්ථානයක වේදිකාවක් මත පිස්තෝලයක් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාව මත උදිත ලොකුබණ්ඩාර […]